ඉහළයන වාහන මිල සහ ආයෝජනය- Vehicle Market Goes too High


මේ දවස් වල හැමෝම කථා වන මාතෘකාවක් තමයි වාහන වල මිල නොසිතූ ලෙස ඉහළයාම. මේ පිළිබඳ බොහෝ දෙනාගේ අප්‍රසාදය සමාජ මාධ්‍ය ජලා ඇතුළු අන්තර්ජාලයේ පළවනවා.

ඇත්තෙන්ම මේවනවිට සමහර වාහන වල මිල මීට වසර පහකට පෙර තිබුණට වඩා දෙගුණයක් පමණවෙලා. 

දිගින් දිගටම වැඩිවන වාහන මිලෙන් විකිණුම් කරුවන්ට විශාල ලාභයක් ඇතිකරගත හැකිද? නැවත වාහන මිල පහළ බසින්නේ කවදා ද?

වාහන මිල මෙලෙස අසීමාන්තිකව ඉහලයාමට ප්‍රධාන හේතුවක් ලෙස විකුණුම්කරුවන් දක්වන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවක්‍රමනය වීමයි. යම් භාණ්ඩයක සත්‍ය වෙළඳපොළ වටිනාකම පවත්වා ගැනීම සඳහා භාණ්ඩයේ වටිනාකම සැමවිටම ඩොලරයට සාපේක්ෂව විචලනය වෙනවා.

වාහන ආනයනකරුවන් වාහන මිලදී ගන්නේ අදාළ වාහනයේ ඩොලර් වටිනාකමට. ඒ නිසා ඔවුන්, ඔවුන්ට ඩොලර් වලින් වැය වූ රුපියල් අගය වාහනයේ වටිනාකම ලෙස දක්වනවා. මන්ද, ඔවුන්ට වාහන අඩු මුදලට විකුණා පාඩු ලැබිය නොහැකි නිසා. 

උදාහරණයක් ලෙස වෙළඳපොළ වටිනාකම $10,000 වන මෝටර් රථයක මිල රුපියල් 1,500,000 ක් වූයේ ඩොලරයේ අගය රු150 වූ කාලයේ නම්, එය 200 වන විට රුපියල් 2,000,000 විය යුතුයි. 

නමුත් එය අදාළ වන්නේ අලුතෙන් ගෙන්වන වාහන වලට නම් පරණ වාහන වල මිල වැඩි වන්නේ ඇයිද කියලා හිතෙන්න පුලුවන්. මෙයට ප්‍රධන හේතුව වන්නේ, පරණ වාහනයක මිල තීරණය වන්නේ එහි අලුත් වාහනයක වර්තමාන වෙළඳපොළ වටිනාකම මත වීමයි. 

මෙය දැනට නිෂ්පාදනයේ පවතින වාහනයකට සාධාරණ උවත්, මේවන විට නිෂ්පාදනය නවතා දමා ඇති වාහනයකට සාධාරණ නොවීය හැකියි. මෙයට හේතුවන්නේ ඩොලරයට සාපේකෂව රුපියල අවක්‍රමනය වීමට වඩා වෙළඳපොළ සදාචාරයන් ය. 

රජය විසින් වාහන ආනයනය නැවැත්වූවායින් පසුව වෙළඳපොළ තුළ වාහන පිළිබඳ ඉල්ලුමක් කෘත්‍රිමව නිර්මාණය වූවා. යම් වාහනයකට වෙළඳපොළ වටිනාකමට වඩා වෙළඳපොළ ඉල්ලුම ඉහල නම්, එහි විකුණුම් මිල එහි අයිතිකරුට ඉහල දැමිය හැකියි.

මේදින වල විකිණුම්කරුවන්ගේ බොහෝ අභිලාෂය වී ඇත්තේ වාහන මිල උපරිම ලෙස වැඩිවන තුරු සිට විකුණා ලාභ ලබා ගැනීමයි. තවද ගැනුම්කරුවන් අභිලාෂය වී ඇත්තේ වැඩිවන මිල සමග වාහන මිලදීගෙන වාහන මිල උපරිම වූ පසු විකුණා ලාභ ලබා ගැනීමයි. ඇත්තෙන්ම මෙය වාහන විකුණුම්කරුවන්ට විශාල අවස්ථාවක් උවත් ගැනුම්කරුවන්ට මෙය අවදානම් වියහැකියි. මන්ද, මෙම මිල ඉහළයාම කොයි මොහොතේ කඩා වැටේ යැයි උපක්පනය කිරීම අපහසු නිසා.

මේ අතර විකුණුම්කරුවන්ට ඇති විශාල අවස්ථාව වන්නේ, වාහන මිල තමා ගත් මිලට වඩා දෙගුණයක් පමණ වැඩිවී ඇති නිසා, ගත් මිලට වඩා වැඩි නමුත් වර්තමාන මිලට වඩා අඩුවෙනුත් විකිණීමට හැකි වීමයි.

වාහන වල මිල කීප ගුණයකින් ඉහළ ගියත්, පුද්ගල ආදායම එක ගුණයකින් වත් ඉහල නොයාම අතාත්වික වියහැකියි. එම නිසා මෙම තත්ත්වය පාලනය කිරීමට රජය සීමා පැනවිය හැකියි. උදාහරණයක් ලෙස සීනි මිල ගන්න. 

ඉදිරියේදී වසංගත තත්වය පහවගොස් රටේ ආර්ථිකය යථාතවයට පත් උවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී වාහන මිල යථාතත්වයට පත්විය හැක.

නමුත් එය එසේ වීමට වඩා එසේ නොවීමට සම්භාවිතාව වැඩිය.


Comments

Trending Posts

විදුලිය බෙදා හරිනු ලබන්නේ කෙසේද? How Electricity Is Distributed?