ඉහළයන වාහන මිල සහ ආයෝජනය- Vehicle Market Goes too High
මේ දවස් වල හැමෝම කථා වන මාතෘකාවක් තමයි වාහන වල මිල නොසිතූ ලෙස ඉහළයාම. මේ පිළිබඳ බොහෝ දෙනාගේ අප්‍රසාදය සමාජ මාධ්‍ය ජලා ඇතුළු අන්තර්ජාලයේ පළවනවා. ඇත්තෙන්ම මේවනවිට සමහර වාහන වල මිල මීට වසර පහකට පෙර තිබුණට වඩා දෙගුණයක් පමණවෙලා. දිගින් දිගටම වැඩිවන වාහන මිලෙන් විකිණුම් කරුවන්ට විශාල ලාභයක් ඇතිකරගත හැකිද? නැවත වාහන මිල පහළ බසින්නේ කවදා ද? වාහන මිල මෙලෙස අසීමාන්තිකව ඉහලයාමට ප්‍රධාන හේතුවක් ලෙස විකුණුම්කරුවන් දක්වන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවක්‍රමනය වීමයි. යම් භාණ්ඩයක සත්‍ය වෙළඳපොළ වටිනාකම පවත්වා ගැනීම සඳහා භාණ්ඩයේ වටිනාකම සැමවිටම ඩොලරයට සාපේක්ෂව විචලනය වෙනවා. වාහන ආනයනකරුවන් වාහන මිලදී ගන්නේ අදාළ වාහනයේ ඩොලර් වටිනාකමට. ඒ නිසා ඔවුන්, ඔවුන්ට ඩොලර් වලින් වැය වූ රුපියල් අගය වාහනයේ වටිනාකම ලෙස දක්වනවා. මන්ද, ඔවුන්ට වාහන අඩු මුදලට විකුණා පාඩු ලැබිය නොහැකි නිසා. උදාහරණයක් ලෙස වෙළඳපොළ වටිනාකම $10,000 වන මෝටර් රථයක මිල රුපියල් 1,500,000 ක් වූයේ ඩොලරයේ අගය රු150 වූ කාලයේ නම්, එය 200 වන විට රුපියල් 2,000,000 විය යුතුයි. නමුත් එය අදාළ වන්නේ අලුතෙන් ගෙන්වන වාහන වලට නම් පරණ වාහන වල...